බිඳවැටුණු පළමු යන්ත්‍රයෙන් විදුලිය නිපදවයි

නොරෝච්චෝලේ ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය ඇරඹේ..

by Staff writer 24-05-2022 | 8:14 AM

COLOMBO (News 1st) - නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයේ විදුලිය නිෂ්පාදනය ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුණි මහතා සඳහන් කළේ, එම යන්ත්‍රයෙන් මෙගාවෝට් 200ක් ඊයේ(23) රාත්‍රියේ සිට ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බවය.