ත්‍රිරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු?

ත්‍රිරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු?

by Staff writer 24-05-2022 | 9:08 AM

COLOMBO (News 1st) - ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමට අවධානය යොමුවී ඇතැයි වෘත්තීය ත්‍රිරෝද රථ සේවක සංගමය පවසයි.

එහි ලේකම් එච්. එම්. නිශාන්ත කුමාර මහතා පැවසුවේ, පළමු මීටරය සඳහා වන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් පමණ ඉහළ දැමීමට අවධානය යොමු වී ඇති බවයි. මේ අතර අද අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ හා IOC ඉන්ධන මිල ගණන් ඉහළ දැමුණි.