ජොන්ස්ටන් CIDයෙන් පිටව යයි

ජොන්ස්ටන් CIDයෙන් පිටව යයි

by Staff Writer . 24-05-2022 | 4:52 PM

COLOMBO (News 1st) - පැය 05කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්(CID) පිටව ගියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු අමාත්‍යවරයා අද(24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවූ බවය. ඒ අනුව, අද පෙරවරු 10.00ට පමණ ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. මේ අතර, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නැයි බල කරමින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත විය. එම පිරිස පැමිණ සිටියේ ගෝඨාගෝගම සිටයි.