ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙටත් බෙදාහරිනේ නෑ..

ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙටත් බෙදාහරිනේ නෑ.. - ලිට්‍රෝ සමාගම

by Staff Writer . 24-05-2022 | 7:10 PM

COLOMBO (News 1st) - හෙට(25) දිනයේත් ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 වර්ගයේ සිලින්ඩර් ලබා ගැනීම සඳහා හෙට දිනයේ ද පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී. මේ අතර අද(24) දිනයේත් ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම ඊයේ(23) නිවේදනය කළේය.