අවම බස් ගාස්තුව රු. 32ක් වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5% කින් ඉහළට

by Staff writer 24-05-2022 | 1:39 PM

COLOMBO (News 1st) - අද (24) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5% කින් ඉහළ දමා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, අවම ගාස්තුව රුපියල් 32.00 ක් වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.