by Staff writer 24-05-2022 | 8:31 AM
COLOMBO (News 1st) - අද (24) දිනයේ කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.
එබැවින් එම සමාගම මහජනතාවට දැනුම් දෙන්නේ, අද දිනයේ පෝලීම්වල රැඳී නොසිටින ලෙසය.
එමෙන්ම ගෑස් තොග අනිසි ලෙස රැස් කිරීමෙන් වළකින ලෙසත්, වැඩි මිලට ගෑස් විකිණීම හෝ මිලදී ගැනීම් සිදු නොකරන ලෙසත් ලිට්‍රෝ සමාගම මහජනතාවට දැනුම් දෙයි.
මේ අතර තවත් ගෑස් නෞකා 02 ක් සඳහා මුදල් ගෙවා තිබේ.
ලිට්‍රෝ ගැස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, එම ගෑස් නෞකා 02 සඳහා ඩෝලර් මිලියන 6.5 ක මුදලක් ගෙවූ බවය.
එම නෞකා දෙකේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 7,000ක් රැගෙන එනු ඇති.
ලබන බ්‍රහස්පතින්දා වනවිට එම නෞකා 02 මෙරටට ළඟාවීමට නියමිත බව සභාපතිවරයා සඳහන් කළේ ය.
කෙසේ වෙතත් ගෑස් ලබා ගැනීම සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකම තවදුරටත් දිගු පෝලිම් දැකිය හැකියි.