by Staff Writer . 23-05-2022 | 9:32 AM
COLOMBO (News 1st) – අඛණ්ඩව දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල් හල් වෙත ඉන්ධන නිකුත් කරමින් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
කෙසේ වෙතත් මේ වන විටත් දිවයිනේ ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබේ.
අප වාර්තාකරුවන් පැවසුවේ අද ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දීමට නියමිත අපේක්ෂකයින්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් ද ඉන්ධන ලබාගැනීමට රාත්‍රියෙත් පොලිමේ රැඳී සිටි බවයි.
මේ අතර විභාග රාජකාරී සඳහා යන පුද්ගලයින් චෝදනා කළේ ඇතැම් පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් නොකරන බවයි.
මේ අතර තවත් ගෑස් නෞකා දෙකකට අද දිනයේ ගෙවීම් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
සභාපති විජිත හේරත් මහතා පැවසුවේ ඊයේ දිනයේදී ගෑස් සිලින්ඩර් 80,000 ක් පාරිභෝගකයින්ට බෙදාහැරීමට කටයුතු කළ බවයි.
කෙසේ වෙතත් ගෑස් ලබා ගැනීම සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකම තවදුරටත් දිගු පෝලිම් පවතී.