නව විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන

නව විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන

by Staff Writer . 23-05-2022 | 4:46 PM

COLOMBO (News 1st); විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට අරුණි විජේවර්ධන මහත්මිය පත්කර තිබේ.

ඇය වසර 34 ක් ශ්‍රී ලංකා විදේශ සේවයේ කටයුතු කළ සාමාජිකාවකි. එමෙන්ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ , මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ යනාදී විදේශ රටවල පිහිටි දූත මණ්ඩලවල ද ඇය සේවය කර තිබේ. ඇය කලක් ඔස්ට්‍රියාවේ තානාපතිනිය සහ වියානාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානවල නිත්‍ය නියෝජිතවරිය වශයෙන් ද සේවය කර ඇත. එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබා ගත් ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධි ලබා ගෙන තිබේ.