කැබිනට් ප්‍රකාශකයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරු 3ක්

නව කැබිනට් ප්‍රකාශකයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරු තිදෙනෙක් පත් කෙරේ

by Staff writer 23-05-2022 | 9:45 PM

COLOMBO (News 1st) - නව කැබිනට් ප්‍රකාශක ලෙස බන්දුල ගුණවර්ධන මහතා පත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස කංචන විජේසේකර, මහින්ද අමරවිර සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් පත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.