by Sagarika Chathumali 23-05-2022 | 11:40 AM
COLOMBO (News 1st) – සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් ඇමතිවරුන් 8 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ.
එලෙස අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් පහත පරිදි වේ.
01. ඩග්ලස් දේවානන්ද - ධීවර අමාත්‍ය
02. බන්දුල ගුණවර්ධන - ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය
03. කෙහෙළිය රඹුක්වැල්ල - ජල සම්පාදන අමාත්‍ය
04. මහින්ද අමරවීර - කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
05. රමේෂ් පතිරණ - කර්මාන්ත අමාත්‍ය
06. විදුර වික්‍රමනායක - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය
07. නසීර් අහමඩ් - පරිසර අමාත්‍ය
08. රොෂාන් රණසිංහ - වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
මීට අමතරව පසුගිය 20 වනදා ද නව කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
එදින දිවුර්ම් දුන් අමාත්‍යවරුන් මෙසේයි.
01 . නිමල් සිරිපාල ද සිල්වා මහතා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
02. සුසිල් ප්‍රේමජයන්ත් මහතා – අධ්‍යාපන අමාත්‍ය
03. කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
04 . විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
05 . හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
06. රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
07 . මනූෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය,
08 .නලීන් ප්‍රනාන්දු මහතා – වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය,
09. ටිරාන් අලස් මහතා – මහජන ආරක්ෂක අමාත්‍ය
මේ අතර පසුගිය 14 වනදා ද නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙක් ජනාධිපති මන්දිරයේදී ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
01. විදේශ කටයුතු – ජී.එල්. පීරිස් මහතා
02. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර මහතා
03. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග මහතා
04. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන – දිනේෂ් ගුණවර්ධන මහතා