by Staff Writer . 23-05-2022 | 9:36 AM
COLOMBO (News 1st) – කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමාකර ඇතැයි, එහි අධ්‍යක්ෂ, වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
අධ්‍යක්ෂවරයා පැවසුවේ, ඉන්ධන අර්බුදයත් සමග සේවකයින් රාජකාරියට වාර්තාකිරීම අවම වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
පවතින තත්ත්වය හමුවේ සේවකයින්ගේ පැමිණීම 50% කට පමණ සීමාවි ඇතැයි ද ඔහු පැවසී ය.
වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසුවේ කෙසේ වෙතත් හදිසි රෝගීන් ඇතුළත් කර ගැනීම අඛණ්ඩව සිදුකෙරෙන බවයි.