English
தமிழ்
කර්තෘ Staff Writer .
23 May, 2022 | 12:26 pm
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේ, හිටපු මහ බැංකු අධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම ලබන ජූලි 25 වැනිදා තෙක් යළි දීර්ඝ කිරීමටයි.
එදිනට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි ද නිකුත් කෙරිණ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එහි මුදල් අවභාවිත කළේ යැයි, ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලකට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සැකකරුවෙකු වශයෙන් නම් කර තිබේ.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අධිකරණය මගින් සිතාසි නිකුත් කර තිබුණ ද ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද අධිකරණයට දන්වා සිටියේ මීළඟ දින ඔහු අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.
අනතුරුව ඔහුට එරෙහි පැමිණිල්ල ලබන ජූලි මස 25 වැනිදා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින තෙක් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ද දීර්ඝ කළේ ය.
තවද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට අදාළව මේ වසරේ ජනවාරි මස 18 වෙනිදා ගෙවීම් කරන ලද පාර්ශ්වයන්ගෙන් නම් ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැමිණ ඒ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.
ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ ස්වෛරී බැඳුම්කර සහ ගෙවීම් කරන ලද පාර්ශ්වයන්ගෙන් නම් ලැයිස්තුවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කරනු ලැබිණ.
හිටපු මහ බැංකු අධිපති මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටීමට දන්වා සිතාසි නිකුත් කරනු ලැබුවේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මහ බැංකු අධිපතිවරයාව සිටිමින් රජයේ මුදල් අවභාවිත කළ බවට වූ චෝදනා 6ක් මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
01 Jun, 2023 | 06:33 AM
01 Jun, 2023 | 06:13 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS