English
தமிழ்
කර්තෘ Staff Writer .
23 May, 2022 | 8:34 am
පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවුයේ කොරොනා වසංගත තත්ත්වය හේතුවෙනි.
මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව පන් ලක්ෂ දාහත් දහස් හාරසිය අනූ හයකි.
ඉන් හාර ලක්ෂ හත් දහස් එකසිය විසි නව දෙනෙකුම පාසල් අයදුම්කරුවන් ය.
බන්ධනාගාරගත රැඳවියන් 15 දෙනෙක් ද මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මධ්‍යස්ථාන 3,844 කදී විභාගය පැවැත්වෙන අතර මධ්‍යස්ථාන 542 ක් හරහා එය සමබන්ධීකරණය වේ.
විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසුවේ, අයදුම්කරුවන්ට දැනුම් දෙන්නේ, කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසයි.
විභාග පැවැත්වෙන කාලසීමාව තුළ මාර්ග අවහිරතා ඇති කිරිමෙන් වළකින ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙයි.
මෙතෙක් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නොලැබුණු සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එය භාගත කිරීම් සිදුකර ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.
අදාළ ප්‍රවේශ පත්‍රයේ, නාම සංශෝධන, විෂය සංශෝධන සහ මාධ්‍ය සංශෝධන ඇත්නම් ඒ සඳහා ද විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පහසුකම් සලසා තිබේ.
යම් ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ 011 2784208 හා 0112784537 යන දුරකථන අංකවලට හෝ 1911 දුරකථන අංකයෙන් තොරතුරු විමසිය හැකියි..
අද ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසයි.
මේ අතර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ බස් හා දුම්රිය සේවා ද ක්‍රියාත්මකයි.
04 Jul, 2022 | 12:07 AM
03 Jul, 2022 | 05:01 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS