21 වන සංශෝධන පනත් කෙටුම්පත හෙට කැබිනට් අනුමැතියට යොමු කෙරේ

21 වන සංශෝධන පනත් කෙටුම්පත හෙට කැබිනට් අනුමැතියට යොමු කෙරේ

21 වන සංශෝධන පනත් කෙටුම්පත හෙට කැබිනට් අනුමැතියට යොමු කෙරේ

කර්තෘ Staff Writer .

22 May, 2022 | 7:56 am

COLOMBO (News 1st) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන පනත් කෙටුම්පත හෙට (23) කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නොහැකි වන ආකාරයේ සංශෝධනයක් ඇතුළත් කරන බවය.

මීට අමතරව දැනට ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභාවලට අමතරව ජාතික විගණන කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම, ස්වාධීන කොමිෂන් සභා ලෙස සංශෝධනයට ඇතුළත් කිරීමට නියමිතය.

දැනට ක්‍රියාත්මක ‍කොමිෂන් සභාවල බලතල තවදුරටත් වර්ධනය කරමින් ස්වාධීන සහ ශක්තිමත් කිරීමට 21 වන ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, මහ බැංකු අධිපතිවරයා පත් කිරීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යටතට පත් කිරීමට නව සශෝධනයෙන් යෝජනා කර ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]