O/L ප්‍රවේශ පත්‍රයේ ගැටලු ගැන විමසීමට දු.ක අංක03ක්

සා/පෙළ විභාග ප්‍රවේශ පත්‍රයේ ගැටලුවක් ඇත්නම් විමසීම් සඳහා දුරකන අංක 03ක්

by Staff Writer . 22-05-2022 | 2:37 PM

COLOMBO (News 1st)  - මෙතෙක් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නොලැබුණු සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එය බාගත(Download) කිරීම් සිදුකර ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස එහි මුල් පිටුවේ අපගේ සේවා යටතේ ඇති අ.පො.ස. සා/පෙළ විභාගය 2021/22 විභාග ප්‍රවේශ පත්‍ර බාගත කිරීම් නැමති අයිකනය තෝරා ඒ යටතේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රවේශ පත්‍රයේ පිටපතක් බාගත කර ගත හැකියි. අදාල ප්‍රවේශ පත්‍රයේ, නාම සංශෝධන, විෂය සංශෝධන සහ මාධ්‍ය සංශෝධන ඇත්නම් ඒ සඳහා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පහසුකම් සලසා තිබේ. මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ 011 - 2784208 හා 011- 2784537 යන දුරකතන අංකවලට හෝ 1911 දුරකතන අංකයෙන් තොරතුරු වීමසිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.