ශ්‍රී ලාංකික කාන්තාවක් ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකික කාන්තාවක් පළමු වරට ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවට

by Staff Writer . 22-05-2022 | 5:38 PM

COLOMBO (News 1st)  – ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් ලබා තිබේ.

ඒ, කම්කරු පක්ෂයෙන් ඕස්ට්‍රේලියාවේ හෝල්ට් මැතිවරණ ආසනය නියෝජනය කරමින් ය. 11 හැවිරිදි දැරියකව සිටි සමයේ ඇය සිය දෙමව්පියන් සමග ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ 1999 වසරේදී ය. කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු කාන්තාව වේ. හෝල්ට් මැතිවරණ ආසනයෙන් ලිබරල් පක්ෂයෙන් ඇයට එරෙහිව තරග කර තිබුණේ, තවත් ලාංකිකයෙකු වන රංජ් පෙරේරායි. කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු 57.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිද්දී, රංජ් පෙරේරා ලබාගෙන ඇත්තේ 42.5% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.