විභාග රාජකාරීවල නිරත නිලධාරීන් බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට විශේෂ බලපත්‍ර ක්‍රමයක්

විභාග රාජකාරීවල නිරත නිලධාරීන් බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට විශේෂ බලපත්‍ර ක්‍රමයක්

විභාග රාජකාරීවල නිරත නිලධාරීන් බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට විශේෂ බලපත්‍ර ක්‍රමයක්

කර්තෘ Staff Writer .

22 May, 2022 | 7:25 am

COLOMBO (News1st) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරිවල නිරත වන නිලධාරීන්ට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීම සඳහා විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් විභාග කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පුර්ණ සහය ලබා දෙන ලෙසය.

මේ අතර විභාග රාජකාරියේ නියැලෙන නිලධාරීන්ට අවශ්‍ය ඉන්ධන සැපයීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි අ‌ලෙවි කළමනාකරු චමින්ද සමරකෝන් මහතා සඳහන් කළේ ,ඒ පිළිබඳව දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් දැනුවත් කර ඇති බවය.

මේ අතර විභාගය පැවැත්වෙන හෙට (23) දිනයේ සිට ජුනි 01 වැනිදා දක්වා ඉරිදා දිනයන්හි හැර මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණ කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව පන් ලක්ෂ දාහත් දහස් හාරසිය අනූ හයකි.

ඉන් හාර ලක්ෂ හත් දහස් එකසිය විසි නව දෙනෙකුම පාසල් අයැදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]