English
தமிழ்
කර්තෘ Staff Writer .
22 May, 2022 | 6:00 pm
ඒ, මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් කොළඹ වරායේදී ය.
එම අවස්ථාවට විදේශ අමාත්‍ය මහචාර්ය ජී.එල්. පීරීස්, වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
අදාල නෞකාව පසුගිය 18 වැනිදා තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් චෙන්නායි වරායෙන් පිටත් විය.
මෙම ආධාර තොගය තමිල්නාඩු රජය විසින් මෙරටට ලබා දීමට පොරොන්දු වී ඇති සහල් මෙට්‍රික් ටොන් 40,000 , කිරිපිටි හා අත්‍යවශ්‍ය ඖෂධ මෙට්‍රික් ටොන් 500 කින් යුත් භාණ්ඩ ගිවිසුමේ පළමු අදියරයි.
ඒ අනුව, මෙම ආධාර තොගයේ මුළු වටිනාකම රුපියල් බිලියන 5 දශම 5කි.
අද දින ලැබුණු ආධාර තොගයට සහල් මෙට්‍රික් ටොන් 9000 ක් , කිරිපිටි මෙට්‍රික් ටොන් 50 ක් සහ ඖෂධ හා වෛද්‍ය උපකරණ ටොන් 25 ක් ඇතුළත් ය.
එම ආධාර අග්‍රාමාත්‍ය කාර්යාලයේ අධීක්ෂණය යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවිමෙන් ග්‍රාම නිලධාරිවරුන් මගින් දිවයින පුරා මෙම බෙදාහැරීමට නියමිතය.
පළමු අදියර යටතේ මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව බෙදා හැරීමට සැලසුම් කර තිබේ.
ඉන් අනතුරුව උතුර – නැගෙනහිර පළාත්වලත්, කළුතර, ගාල්ල , මාතර ඇතුළුව දිවයින පුරා බෙදා හැරිමට සැලසුම් කර ඇතැයි සඳහන් ය.
මේ අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ කමිටුවේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ, ඉන්දීය රජයෙන් තවත් බිලියන 4 ක ආධාර තොගයක් බලාපරොත්තුවෙන් ශ්‍රී ලංකා රජය සාකච්ජා ආරම්භ කර ඇති බවය.
එම සාකච්ජා සඳහා මෙරට නියොජිතයෙකු ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
02 Jul, 2022 | 02:56 PM
02 Jul, 2022 | 11:27 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS