by Staff Writer . 22-05-2022 | 6:14 PM
COLOMBO (News 1st) – අමෙරිකානු ඩොලර් 50,000ක් සමග සැකකරුවෙකු වැලිකඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්(STF)අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත සෝදිසි කිරීමක් සිදු කළ බවය.
එහිදී නිසි අනන්‍යතාවයක් තහවුරු කිරිමට නොහැකිවීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිස් ස්ථානයට භාර දී තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ 15 , අලුත් මාවත පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.