විභාග රාජකාරිය:නිලධාරින්ට ප්‍රමුඛතා පදනම මත ඉන්ධන

O/L විභාග රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට ප්‍රමුඛතා පදනම මත ඉන්ධන

by Staff writer 21-05-2022 | 7:38 AM

COLOMBO (News 1st) – අපොස සාමාන්‍ය පෙළ විභාග රාජකාරි සඳහා යොදවා ඇති රාජ්‍ය නිලධාරින්ගේ වාහන සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන නිකුත් කෙරෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පවසයි.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා පැවසුවේ, විභාග රාජකාරි යොදවා ඇති නිලධාරීන් හෙට(22) දිනයේ පස්වරු 3 සිට පස්වරු 5 අතර කාලය තුළ තමා පදිංචි ප්‍රදේශයේ ළඟම පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත ගොස් තම පත්වීම් ලිපිය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර ඉන්ධන ලබා ගැනීමට හැකි බවයි. ඒ පිළිබඳව ලංකා ඛනිජ තෙල් සංස්ථාව් සභාපතිවරයා මගින් ඉන්ධන පිරවුම්හල් කළමනාකාරවරුන් දැනුවත් කර ඇතැයි ද ඔහු පැවසුවේ ය. ඒ අනුව හෙට(22) දිනයේදී විභාග රාජකාරි සඳහා පත්වීම් ලද නිලධාරින්ගේ පුද්ගලික වාහන හා යතුරු පැදි සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා ගැනීමට හැකිවනු ඇති.