O/L විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය අද සිට...

O/L විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය අද සිට...

by Staff writer 21-05-2022 | 7:27 AM

COLOMBO (News 1st) – මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය අද(21) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ , පොලිස් ආරක්ෂාව යටතේ එම කටයුතු සිදු කෙරෙන බවය. මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වැනිදා ආරම්භ වන අතර ජුනි 01 වැනිදා දක්වා එය පැවැත්වීමට නියමිතය. විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව පන් ලක්ෂ දාහත් දහස් හාරසිය අනූ හයකි. ඉන් හාර ලක්ෂ හත් දහස් එකසිය විසි නව දෙනෙකුම පාසල් අයැදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.