සා/පෙළ විභාග දිනවල පාර අවහිර කරන්න එපා

සා/පෙළ විභාගය පැවැත්වෙන දිනවලදී මාර්ග අවහිර කර උද්ඝෝෂණවල නිරතවීමෙන් වළකින්න - PUCSL

by Staff writer 21-05-2022 | 9:49 PM

COLOMBO (News 1st) - අනිද්දා (23) සිට ජුනි මස 01 වැනිදා දක්වා ඉරිදා දිනයන්හී හැර මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණ කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, සිසුන්ගේ ප්‍රධාන කඩයිම් විභාගයක් වන සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ උපරිම දායකත්වය ලබාදිය යුතු බවය. විභාගය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය විදුලිය සැපයීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද මේ වනවිට කටයුතු යොදා තිබේ. සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව පන් ලක්ෂ දාහත් දහස් හාරසිය අනූ හයකි.