සා/පෙළ සිසුන්ට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය

සා/පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට විශේෂ අවස්ථාවක්

by Staff writer 21-05-2022 | 5:10 PM

COLOMBO (News 1st) - මෙවර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් හට උතුම් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාදය ලබා ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් සලසා තිබේ.

ඒ, ශ්‍රී දළදා මාළිගාවේ මල්වතු විහාර පාර්ශවයේ තේවාව භාරව කටයුතු කරන පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමියන්ගේ මූලිකත්වයෙන් යුතුවයි. තේවාභාර නායක හිමියන් විසින් සිව්වෙනි වරටත් සිදු කරනු ලබන මේ කාර්ය්‍ය අද (21) සහ හෙට (22) දිනයේ සිදු කිරීමට නියමිතය.