රු. 9920කට ගෑස් සිලින්ඩරයක් විකිණූ අයෙකු කොටු

රුපියල් 9,920කට ගෑස් සිලින්ඩරයක් විකිණූ අයෙකුට වැඩ වරදී..

by Staff writer 21-05-2022 | 9:18 PM

COLOMBO (News 1st) - ගෑස් සිලින්ඩර් වැඩි මිලට අලෙවි කළ කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද(21) අත්අඩංගුවට ගනු ලැබිණි.

පොලීසිය සඳහන් කළේ, සැකකරු ගෑස් සිලින්ඩරයක් රුපියල් 9,920/=කට අලෙවි කර ඇති බවය. ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 40කි. වෙනත් පුද්ගලයකු යොදවා මෙම ගෑස් සිලින්ඩර් අලෙවි කර ඇතැයි ද පොලීසිය පැවසුවේ ය. මේ අතර වැඩි මිලට ඉන්ධන අලෙවි කරන්නන් සොයා හෙට (22) සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.