මීගමුවේදී වෑන් රථයක් දුම්රියේ ගැටෙයි

මීගමුවේදී වෑන් රථයක් දුම්රියේ ගැටෙයි: 4ක් රෝහලේ

by Staff writer 21-05-2022 | 4:27 PM

COLOMBO (News 1st) - පුත්තලම මාර්ගයේ පෙරියමුල්ල දුම්රිය ස්ථානය අසලදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

අද පස්වරු 2.30 පමණ පුත්තලම බලා ධාවනය වූ සේවා දුම්රියක එලෙස වෑන් රථය ගැටී තිබුණි. දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව වසා තිබූ අවස්ථාවක වෑන් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇත. ප්‍රදේශවාසින් හා පොලීසිය අනතුරට ලක්වූවන් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවේ ය. පසුව අනතුරෙන් තුවාල ලැබූ සිව්දෙනා රෝහල්ගත කර තිබුණි.