පොලිස්පති CIDයට

පොලිස්පති CIDයට

by Staff Writer . 21-05-2022 | 4:30 PM

COLOMBO (News 1st) - පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනිමින් සිටී.

පොලීසිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරියාගෙන් සහ විශේෂ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගනිමින් ඇති බවය. මේ අතර පසුගිය 09වැනිදා ඇති වූ සිදුවීම්වලට අදාලව මේ වනවිට පුද්ගලයින් 1,348 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය ඔහු සඳහන් කළේ, ඒ අතරින් 654 දෙනෙකුට ඇප ලබාදී ඇති බවය.