තවත් ඉන්ධන තොගයක් ගොඩබෑම අද..

තවත් ඉන්ධන තොගයක් ගොඩබෑම අද..

by Staff writer 21-05-2022 | 7:23 AM

COLOMBO (News 1st) – තවත් ඉන්ධන තොගයක් ගොඩබෑම අද(21) ආරම්භ වන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඊයේ(20) උදෑසන පෙට්‍රල් 92 හා 95 බෙදාහැරීමද ආරම්භ කළ බවයි. එය අඛණ්ඩව ක්‍රියාත්මකවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. කෙසේ වෙතත් ඉන්ධන ලබා ගැනීම සඳහා සෑම නගරයකම තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබේ.