ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 21-05-2022 | 6:00 AM
දේශීය පුවත් 1.තවත් ඩීසල් සහ පෙට්‍රල් භාණ්ඩ තොගයක් ගොඩබෑම අද ඇරඹේ.. – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය – තවත් ඩීසල් සහ පෙට්‍රල් භාණ්ඩ තොගයක් ගොඩබෑම අද (21) ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. 2.ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදෙන්න – විපක්ෂ නායකයා ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.. – එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සහ යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නියෝජිත එමා බ්‍රිහාම් මහත්මිය ඊ‌යේ (20) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය. 3.ඇමති ධූර භාර ගැනීම පක්ෂ තීන්දුවට පටහැනිවයි කරලා තියෙන්නේ – හිටපු ජනපති මෛත්‍රීපාල – නව රජයේ තනතුරු භාර ගැනීමට පක්ෂ ලෙස කිසිදු ලෙස තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමගි ජන බලවේගය පවසයි. 4.අගෝස්තු සිට ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවීමට ඉඩ තියෙනවා – අගමැති – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය හා ඉදිරි ගමන ගැන කරුණු පැහැදිලි කර තිබේ. 5. දෛනිකව බෙදන ගෑස් සිලින්ඩර්වලින් 60%ක් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලට – කෝප් කමිටුවෙන් නිර්දේශයක් – දෛනිකව බෙදා හරින ගෑස් සිලින්ඩර්වලින් 60%ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හරින්නැයි කෝප් කමිටුවෙන් ලිට්‍රෝ සමාගමට නිර්දේශ කර තිබේ. 6.CID ය මන්ත්‍රී නාමල්ගෙන් ප්‍රකාශයක් ගනී – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ වනවිට මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව පොලිසිය පවසයි.