දශකයකට පසු ඕස්ට්‍රේලියාවේ බල පෙරළියක්

ඇන්තනී ඇල්බනීස් ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධුරයට

by Staff writer 21-05-2022 | 8:30 PM

News 1st - දශකයකට පසු ඕස්ට්‍රේලියාවේ බල පෙරළියක් සිදුව තිබේ.

ඒ, ලිබරල් ජාතික සභාගයේ නායක ස්කොට් මොරිසන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි කරමිනි. ඒ අනුව කම්කරු පක්ෂය නායක ඇන්තනී ඇල්බනීස් ඕස්ට්‍රේලියාවේ 31 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට නියමිතය. 59 වන වියෙහි පසුවන ඇන්තනී ඇල්බනීස්, ඉතාලි සම්භවයක් සහිත පුද්ගලයෙකි. වෘත්තීය දේශපාලනඥයෙකු වූ ඔහු දැඩි රග්බි ලෝලියෙකු ද වේ.