රුපියල් 9,920කට ගෑස් සිලින්ඩරයක් විකිණූ අයෙකුට වැඩ වරදී..

රුපියල් 9,920කට ගෑස් සිලින්ඩරයක් විකිණූ අයෙකුට වැඩ වරදී..

රුපියල් 9,920කට ගෑස් සිලින්ඩරයක් විකිණූ අයෙකුට වැඩ වරදී..

කර්තෘ Staff writer

21 May, 2022 | 9:18 pm

COLOMBO (News 1st) – ගෑස් සිලින්ඩර් වැඩි මිලට අලෙවි කළ කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද(21) අත්අඩංගුවට ගනු ලැබිණි.

පොලීසිය සඳහන් කළේ, සැකකරු ගෑස් සිලින්ඩරයක් රුපියල් 9,920/=කට අලෙවි කර ඇති බවය.

ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 40කි.

වෙනත් පුද්ගලයකු යොදවා මෙම ගෑස් සිලින්ඩර් අලෙවි කර ඇතැයි ද පොලීසිය පැවසුවේ ය.

මේ අතර වැඩි මිලට ඉන්ධන අලෙවි කරන්නන් සොයා හෙට (22) සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]