කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්..

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්..

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්..

කර්තෘ Staff writer

21 May, 2022 | 7:15 am

COLOMBO (News 1st) – කොළඹ 12 සිට 15 දක්වා ප්‍රදේශවලට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, අද (21) රාත්‍රි 10.00 සිට හෙට උදෑසන 8.00 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

කොළඹ 1 සහ කොළඹ 11 ප්‍රදේශවලට එම කාලසීමාවේ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට නියමිතය.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ ජලය බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් ඊට හේතු වී ඇත.

මේ හේතුවෙන් ජලය එක්රැස් කර තබා ගන්නා ලෙස, ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]