by Staff writer 20-05-2022 | 9:13 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සහ යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නියෝජිත එමා බ්‍රිහාම් මහත්මිය අද (20) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.
වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ළමා පරපුර මුහුණ දී සිටින ගැටලු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී නියෝජිත පිරිසෙන් ඉල්ලීමක් කර තිබේ.