නව කැබිනට් අමාත්‍යවරු 9ක්

නව කැබිනට් අමාත්‍යවරු 9ක් දිවුරුම් දෙයි

by Staff Writer . 20-05-2022 | 10:31 AM

COLOMBO (News 1st)  - නව කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙකු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව, නව අමාත්‍යවරු මෙසේය. 01 . නිමල් සිරිපාල ද සිල්වා මහතා - වරාය, නාවික හා ගුවන් සේවා ‌අමාත්‍ය 02. සුසිල් ප්‍රේමජයන්ත් මහතා - අධ්‍යාපන අමාත්‍ය 03. කෙහෙළිය රඹුක්වැල්ල මහතා - සෞඛ්‍ය අමාත්‍ය 04 . විජයදාස රාජපක්ෂ මහතා - අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය 05 . හරීන් ප්‍රනාන්දු මහතා - සංචාරක හා ඉඩම් අමාත්‍ය 06. රමේෂ් පතිරණ මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍ය 07 . මනූෂ නානායක්කාර මහතා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය, 08 .නලීන් ප්‍රනාන්දු මහතා - වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය, 09. ටිරාන් අලස් මහතා - මහජන ආරක්ෂක අමාත්‍ය