අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම අත්හිටුවයි..

by Staff writer 20-05-2022 | 5:09 PM

COLOMBO (News 1st) – ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම අද(20) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පාසල් නිවාඩු කාලය අවසන් වනවිට මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බවයි. ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.