ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff Writer . 20-05-2022 | 7:07 AM

COLOMBO (News 1st) - දේශීය පුවත්

01.මිරිහානේදී බස් රථයකට ගිනි තැබීම: සැකකරුවෙකු අත්අඩංගුවට.. මිරිහාන ජනපති නිවස අසල පැවති ජන විරෝධතාව අතරතුර බස් රථයකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. 02. මොරටුව නගරාධිපති ඇතුළු 8 ක් රිමාන්ඩ්.. අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 08 දෙනා ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 03. අන්තරේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර.. කොළඹ කොටුවේ විරෝධතාවේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. 04.ගම්මැද්ද ප්‍රමුඛ පෙළ ඇමෙරිකානු විශ්වවිද්‍යාල දෙකක් ​සමග අත්වැල් බැඳගනී ගම්මැද්ද ක්‍රියාන්විතය 2022 වසර සඳහා ඇමෙරිකාවේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ වොට්සන් ආයතනය සහ ආකන්සෝ විශ්වවිද්‍යාලයේ ක්ලින්ටන් පාසල සමග ඊයේ හවුල්කාරිත්වයක් නිවේදනය කළේ ය. 05 .ඊයේ (19) මධ්‍යම රාත්‍රී සිට පාන් ගෙඩියක් රු.170 යි.. ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමයබ පවසයි. ක්‍රීඩා පුවත් 01. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්.. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (19) ජය පරාජයෙන් තොරව අවසන් විය.