ඇමති ධූර භාර ගැනීම පක්ෂ තීන්දුවට පටහැනියි

ඇමති ධූර භාර ගැනීම පක්ෂ තීන්දුවට පටහැනිවයි කරලා තියෙන්නේ - හිටපු ජනපති මෛත්‍රීපාල

by Staff writer 20-05-2022 | 8:37 PM

COLOMBO (News 1st) - නව රජයේ තනතුරු භාර ගැනීමට පක්ෂ ලෙස කිසිදු ලෙස තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමගි ජන බලවේගය පවසයි.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, රජයට අවශ්‍ය සහයෝගය දෙන අතර පාර්ලිමේන්තුවේදී ඡන්ද දෙන්න ඕනනම් ඒ ඡන්දය පාවිච්චි කරන නමුත් අමාත්‍ය ධුර තනතුරු ගැනීම අවශ්‍ය නොමැති බව පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කළ බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
හදලා තියෙන ආණ්ඩුව හදාගෙන යන ආණ්ඩුව සර්ව සර්වපාක්ෂිකත් නෙමෙයි අන්තර්කාලීනත් නෙමෙයි එයින් අපට පෙනී යනවා බොහෝ වෙලාවට කලින් තිබුණු ආණ්ඩුව ම තමයි හැදෙන්නෙ කියලා. අද උදේ අපේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් දිවුරුම් දුන්නා, ඇමතිවරු විදිහට. එක් අපේ පක්ෂ තීන්දුවට පටහැනිවයි කළේ, විශේෂයෙන්ම අපි ඇමතිකම් ගැනීම පිළිබඳව තීරණයක් ගත්තේ නැහැ. පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කළේ, රජයට අපි අවශ්‍ය සහයෝගය දෙමු, පාර්ලිමේන්තුවේදී ඡන්ද දෙන්න ඕනනම් ඒ ඡන්දය පාවිච්චි කරමු. නමුත් අමාත්‍ය ධුර තනතුරු ගැනීම අවශ්‍ය නැහැයි කියන එකයි.