ආණ්ඩුවට එකතුවීම සමගි සන්ධානයේත් ප්‍රතිපත්තිය නෙමේ

ආණ්ඩුවට එකතු වීම සමගි ජනබලවේගයේ සමගි සන්ධානයේත් ප්‍රතිපත්තිය නෙමෙයි - ලක්ෂ්මන් කිරිඇල්ල

by Staff writer 20-05-2022 | 9:10 PM

COLOMBO (News 1st) - ආණ්ඩුවට එකතු වීම සමගි ජනබලවේගයේ සමගි සන්ධානයේත් ප්‍රතිපත්තිය නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
ආණ්ඩුවට එකතු වීම සමගි ජනබලවේගයේ සමගි සන්ධානයේත් ප්‍රතිපත්තිය නෙමේ. අපි තීරණයක් ගත්තා ආණ්ඩුවට එක්කහු වෙන්නේ නැතුව, විපක්ෂයේ ඉදලා ධනාත්මක ප්‍රතිචාරයක් දෙන්න. ඒක අපේ පක්ෂ නායකතුමා දැනටමත් ලිඛිතව ඒ වගේම අවශ්‍ය ආකාරයට උදව් කිරීමට ඉස්පිරිතාලවලට අවශ්‍ය බෙහෙත් ලබා දීමට පොරොන්දු වෙලා තියෙනවා. හැබැයි මේ අස්වෙච්ච අය මං කියන්න කැමතියි. විපක්ෂ නායකතුමාගේ අවසරය ඇතුව ඒ අයට විරුද්ධව විනයානුකූල පියවර ගන්වයි කියන එක මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා.
මේ අතර සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද පස්වරුවේ නිවේදනය කළේ, හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය පියවර ගැනීමට කටයුතු කරන බවය.