බේරේ වැව අසලදී පහරදීමට ලක්වූ අයෙක් මියයයි

මැයි 9 බේරේ වැව අසලදී පහරදීමට ලක්වූ අයෙක් ජාතික රෝහලේදී මියයයි

by Staff Writer . 19-05-2022 | 2:46 PM

COLOMBO (News 1st) – දිවයින පුරා පසුගිය 9 දා ඇතිවූ නොසන්සුන් තත්ත්වය අතරතුර බේරේ වැව අසල පදික වේදිකාවේදී පහරදීමට ලක්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, 47 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති බවයි.