ජනපති රණවිරු සැමරුමට එයි

ජනපති රණවිරු සැමරුමට එයි

by Staff Writer . 19-05-2022 | 3:02 PM

COLOMBO (News 1st); 13 වැනි ජාතික රණවිරු සැමරුම අද බත්තරමුල්ල ජාතික රණවිරු සැමරුම් ස්මාරකය අබියසදී පැවැත්විය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. 30 වසරක සිවිල් යුද්ධය අවසන් කොට රට පුරා ස්ථිර සාමය ස්ථාපිත කිරීමට දිවි හිමියෙන් කැප වූ රණවිරුන්ට කෘතවේදීත්වය හා උත්තමාචාරය පිදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කෙරිණ. මෙම උත්සවය පැවැත්වුණේ, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂන මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙනි.