අන්තරේ විරෝධතා පා ගමනට අධිකරණ නියෝගයක්

by Sagarika Chathumali 19-05-2022 | 3:35 PM

COLOMBO (News 1st) – විරෝධතා පා ගමනේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩල සාමාජිකයින්ට, ජනාධිපති මාවත, බැංකු මාවත, චැතැම් වීදිය,යෝක් වීදියට ඇතුළු නොවිය යුතු බවට දන්වමින් පොලීසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබේ.

අදාළ නියෝගයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පෙළපාලිය කොටුව පොලිස් වසමේ කිසිදු රාජ්‍ය ආයතනයකට, නිල නිවසකට, ඇතුළුවීම, හානි කිරීම, එම ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන නිලධාරීන්ට බාධා කිරීම, ප්‍රචණ්ඩකාරී සහ නීතිවිරෝධි ක්‍රියාකාරකම්වලින් තොරව සිදු කළ යුතු බවයි. අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත්තේ, කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සිසුන්ගේ විරෝධතා පා ගමන මේ වනවිට කොටුව දුම්රියපොළ ඉදිරිපිට ළඟා වී තිබේ.