පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්..

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්..

by Staff writer 19-05-2022 | 8:56 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(19) ජය පරාජයෙන් තොරව අවසන් විය.

චොට්ටොග්‍රාම්හිදී පැවැති මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 397 ක් රැස් කළේ ය. පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 465 කි. තරගය අද අවසන් කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුළු 6 ක් දැවී ලකුණු 260 ක් රැස් කර ගෙන සිටියේ ය. නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 කි. නොදැවී කඩුල්ලේ රැඳී සිටී දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 61 ක් රැස් කරගෙන සිටියේ ය. පළමු ඉනිමේ දී ලකුණු 199ක් රැස් කළ ඇන්ජලෝ මැතිව්ස්ට තරගයේ වීරයා සම්මානය හිමි විය.