English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
19 May, 2022 | 8:51 am
ඒ අනුව එම විශ්වවිද්‍යාල ද්විත්වයේ උපාධිධාරීන් සහ උපාධි අපේක්ෂකයින් යන දෙපාර්ශවයම ඔවුන්ගේ අධ්‍යයන වැඩසටහනක කොටසක් ලෙස තෝරාගත් ව්‍යාපෘති සඳහා ගම්මැද්ද සමග එක්ව ක්‍රියා කරනු ඇති.
1764 වසරේදී පිහිටුවන ලද බ්‍රවුන් විශ්වවිද්‍යාලය ඇමෙරිකාවේ 7 වන පැරණිතම විශ්වවිද්‍යාලයයි. එමෙන්ම ක්ලින්ටන් පාසල ආකන්සෝ විශ්වවිද්‍යාලයේ ශාඛාවක් වන අතර එය නවතම ඇමරිකානු ජනාධිපති පාසල්වලින් එකකි.
එක් පසෙකින් ප්‍රධාන මහාමාර්ග සංවර්ධනයන් සහ පුළුල් මාර්ග පද්ධති බිහිවෙමින් තිබියදීත්, ශ්‍රී ලංකාවේ ග්‍රාමිය ප්‍රදේශවල ජනතාව තවමත් මූලික යටිතල පහසුකම් හෝ සපයා ගැනීමට නොහැකිව අරගලක නිරතව සිටී. විශේෂයෙන් පිරිසිදු පානීය ජලය සපයා ගැනීම සඳහා නිසි ප්රවේශයන් නොමැතිවීම ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ප්‍රමුඛතම අර්බුදයකි.
මීට අමතරව අලි – මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව මුහුණ දෙන තවත් ගැටලුවක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එක් පසෙකින් මිනිස් ජීවිත අහිමිවන අතර අනෙක් පසින් වන අලි සම්පත ද රට අහිමිවෙමින් පවතී.
ඉහළ සහ පහළ ආදායම් ලබන කණ්ඩායම් අතර අසමාන ආදායම් බෙදී යාම හමුවේ නිර්මාණය වී ඇති දරිද්‍රතාව සහ ජනතාව මුහුණ දෙන පීඩාවන් කිසිවකුගේ අවධානයට ලක් නොවේ.
මීට දශකයකට පමණ පෙර ගම්මැද්ද මහජන ක්‍රියාන්විතය ආරම්භ වූයේ එකී හිස්තැන පිරවීම සඳහායි.
”බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ සිසුන්ට ශ්‍රී ලංකාවේ මානුෂීය ගැටලු පිළිබඳ වටිනා අත්දැකීම් සහ ක්‍රියාකාරී දැනුමක් ලබා දීම සඳහා ගම්මැද්ද ක්‍රියාන්විතය හා අත්වැල් බැඳ ගැනීමට හැකිවීම පිළිබඳව මානව හිමිකම් සහ මානුෂීය අධ්‍යයන මධ්‍යස්ථානය අතිශය සතුටට පත්වෙනවා”
සෙත් ස්ටුලන් – වොට්සන් ආයතනය (බ්‍රවුන් විශ්වවිද්‍යාලය)
ගම්මැද්ද ක්‍රියාන්විතයේ පෙර ජාත්‍යන්තර ව්‍යාපෘති විශිෂ්ට බව සඳහන් කළ ක්ලින්ටන් පාසලේ පීඨාධිපති, වික්ටෝරියා එම්. ඩිෆ්රැන්සෙස්කෝ සෝටෝ සඳහන් කරන්නේ, ක්ලින්ටන් පාසලේ සිසුන්ට ගම්මැද්ද සමග යළිත් කටයුතු කිරීමට හැකිවීම පිළිබඳ සතුටට පත්වන බවයි.
ගම්මැද්ද ක්‍රියාන්විතය දශකයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල මුල් බැසගෙන ඇති මහජන ක්‍රියාන්විතයකි. එමෙන්ම ගම්මැද්ද, මේ දක්වා ග්‍රාමීය ප්‍රජාව මුහුණ දෙමින් සිටින ගැටලු සඳහා තිරසර විසඳුම් අත්කර දීමේ අද්විතීය ප්රවේශයන් වෙත යොමු වී සිටි. ගම්මැද්ද වසර ගණනාවක් පුරා ගමින් ගමට යමින් ග්‍රාමීය ප්‍රජාව මුහුණ දෙන ගැටලුවල ස්වභාවය අවබෝධ කර ගැනීමෙන් පසු ව්‍යාපාරික ප්‍රජාව සහ පරිත්‍යාගශීලීන් හා එක්ව එකී ගැටලු සඳහා ස්ථීරසාර විසඳුම් ලබා දී තිබේ. යම්කිසි කාරණාවකින් සත්‍ය ඉවතට ගෙන එකී සත්‍ය පදනම්ව ක්‍රියා කිරීම ගම්මැද්දේ ප්‍රවේශය වන අතර එකී ප්‍රවේශය ඔස්සේ යමින් ක්‍රියාත්මක ගම්මැද්ද මේ වනවිිට ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති දහස් ගණන් සාර්ථකව නිම කර ජනසතු කර අවසන් ය.
”මෙම ගෝලීය අධ්‍යයන දැවැන්තයින් දෙදෙනා 100%ක් ම ශ්‍රී ලාංකීය මහජන ක්‍රියාන්විතයක් වන ගම්මැද්ද සමග හවුල් වීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා”
ශෙවාන් ඩැනියෙල් – ගම්මැද්ද
කැපිටල් මහරාජා සමූහයේ හිටපු සභාපති අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා විසින් ආරම්භ කරන ලද ගම්මැද්ද මහජන ක්‍රියාන්විතය 2021 වසරේ සභාපති ධුරයට පත් ශෂී රාජමහේන්ද්‍රන් මහතා යටතේ තවදුරටත් ගම්නියම්ගම් සිසාරා ව්‍යාප්ත වෙමින් පවතී.
විශ්වවිද්‍යාල ද්විත්වයෙහිම තරගකාරී කණ්ඩායමක දක්ෂ අයදුම්කරුවන් අතරින් තේරුණු ක්ලින්ටන් පාසලේ රැල්ෆ් බ්රේ සහ ඇඩම් විලියම්ස් මෙන්ම බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සහ මහජන කටයුතු පිළිබඳ වොට්සන් ආයතනයේ හෙලේනා එවන්ස් සහ ෆින් බ්ල්ලොම්ක්විස්ට්-එගලින් මෙම වසරේ ගම්මැද්ද හා එක්ව කටයුතු කරනු ඇති.
04 Jul, 2022 | 04:31 PM
04 Jul, 2022 | 01:13 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS