ලංකාවේ දුප්පතුන්ට උද්ධමනය බලපාන හැටි

ලංකාවේ දුප්පතුන්ට උද්ධමනය බලපාන හැටි

by Staff Writer . 18-05-2022 | 4:58 PM

COLOMBO (News 1st) – දැඩි උද්ධමනය හමුවේ ශ්‍රී ලංකාවේ දුප්පත් ජනතාව දැඩි ලෙස අතිශය පීඩාව පත්ව ඇතැයි, මහාචාර්ය ස්ටීව් හැන්කෙ පවසයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මාහාචාර්ය හැන්කෙ නිව්ස් ෆස්ට් වෙත අදහස් පළකරමින් කියා සිටියේ, ප්‍රකාශිත මෙරට වාර්ෂික උද්ධමනය 21.5% ක් වුව ද තමන්ගේ මැනීමට අනුව සැබෑ උද්ධමනය 132% ක් බවයි. ඒ අනුව සැබෑ උද්ධමන අනුපාතය නිල උද්ධමන අනුපාතය මෙන් 6 ගුණයකින් ඉහළ අගයක් ගන්නා බව ද මහාචාර්යවරයා පවසයි. එතරම් ඉහළ මට්ටමේ උද්ධමනයක් පැවතීම ආර්ථිකමය ව්‍යසනයක් බව පවසන මහාචාර්යවරයා අනතුරු අඟවන්නේ, ධනවතුන්ට වඩා දුප්පතුන්ට දැඩි පහර එල්ල වීම මෙහි ඇති සෑබම ගැටලුව බවයි. එවැනි තත්ත්වයක් තුළ අවසානයේ දේශපාලන ගැටලුවක් නිර්මාණය වනු ඇති බව ද මහාචාර්යවරයා පවසයි. "මට පෙනෙන ආකාරයට ශ්‍රී ලංකාවේ සියල්ල නතර වෙවි." - මාහාචාර්ය ස්ටීව් හැන්කෙ