CIDය මන්ත්‍රීවරු 7කගෙන් ප්‍රකාශ ලබා ගැනීමට යයි

මැයි 9 සිද්ධිය ගැන CIDය මන්ත්‍රීවරු 7ක‌ගෙන් ප්‍රකාශ ගැනීමට යයි

by Staff Writer . 18-05-2022 | 8:22 AM

COLOMBO (News 1st) –  පසුගිය 09 වැනිදා ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් අද (18) ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,  පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම ප්‍රකාශ ලබා ගන්නා බවයි. මේ අතර පසුගිය 09 වැනිදා මයිනාගෝගම සහ ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන මන්ත්‍රීවරුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.