දේශබන්දුගෙන් CIDයට පැය 9 ක ප්‍රකාශයක්

දේශබන්දු තෙන්නකෝන්ගෙන් පැය 9 ක ප්‍රකාශයක්

by Staff Writer . 18-05-2022 | 7:52 AM

COLOMBO (News 1st) – පසුගිය 09 වැනිදා ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 9 ක ප්‍රකාශයක් ලබා දී තිබේ.

මේ අතර පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මන්ත්‍රීවරුන් අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි. පසුගිය 09 වැනිදා මයිනාගෝගම සහ ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ( CID ) ඊයේ අත්අඩංගුවට ගත්තේ ය.