මොරටුව නගරාධිපති  CID අත්අඩංගුවට

ගෝඨා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට පහරදුන් තවත් 6ක් අත්අඩංගුවට

by Staff Writer . 18-05-2022 | 2:07 PM

COLOMBO (News 1st) – ගෝඨා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් 6 දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඒ අතර මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මංජුල ප්‍රසන්න යන මහත්වරුන් ඒ අතර වන බවයි. ඊට අමතරව කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සමීර චතුරංග , සීතාවක ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ජයන්ත රෝහණ , බන්දුල ජයමාන්න, දිනෙත් ගීතික යන මහත්වරුන් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසී ය.