ගෑස් බෙදා හැරීම යළි ඇරඹේ..

ගෑස් බෙදා හැරීම යළි ඇරඹේ..

by Staff writer 18-05-2022 | 6:59 AM

COLOMBO (News 1st) - දිගු කාලයක් ප්‍රශ්නයක්ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීම අද (18) යළිත් ආරම්භ කෙරේ.

ලිට්‍රෝ සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසුවේ, මුදල් ගෙවන ලද ගෑස් මෙට්‍රික් ටොන් 2800 ක් රැගත් නෞකාවේ ගෑස් ගොඩබෑම ඊයේ(17) දිනයේ ආරම්භ කළ බවයි. ඒ අනුව අද සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 ක් බෙදාහැරීමට සැලසුම් කර ඇත. ඒ වගේම එල්.පී. ගෑස් නැව් දෙකක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක් ගෙවූ බවත් ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය. මුදල් ගෙවූ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,700 ක් රැගත් තවත් නෞකාවක් ලබන 19 වැනි දා මෙරටට ළඟා වීමට නියමිතය.