යතුරු පැදි අනතුරකින් තිදෙනෙක් මරුට

කෝපායි යතුරු පැදි අනතුරකින් තරුණයින් තිදෙනෙක් මරුට

by Staff writer 18-05-2022 | 6:53 AM

COLOMBO (News 1st) - කෝපායි, තිරුනෙල්වේලි රාමලිංගම් මාර්ගයේදී ඊයේ (17) රාත්‍රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරුවන් දෙදෙනා සහ පසු පැදිකරුවන් තුන්දෙනා බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් තිදෙනෙකු මියගිය බවයි. මියගොස් ඇත්තේ අවුරුදු 17, 23, සහ 25 හැවිරිදි චුන්නාකම්, කෝපායි සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් ය. යතුරුපැදිකරුවන්ගේ නොසැලකිලිමත් හා අපරික්ෂාකාරි ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.