කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

by Sagarika Chathumali 18-05-2022 | 3:28 PM

COLOMBO (News 1st) –  ලබන සෙනසුරාදා (21) රාත්‍රී 10.00 සිට ඉරිදා (22) උදෑසන 8.00 දක්වා කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මීට අමතරව කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ, අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.