අමරකීර්තිගෙන් හිස් වූ අසුන ජගත් සමරවික්‍රමට

අමරකීර්තිගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන ජගත් සමරවික්‍රමට

by Staff writer 18-05-2022 | 8:32 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ හදිසි අභාවයෙන් හිස්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සඳහා ජගත් සමරවික්‍රම මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර අමරකීර්ති අතුකෝරල මහතා හා ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය. 22 හැවිරිදි සැකකරුවන් නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සිද්ධිය වන අවස්ථාවේදී ඔවුන් ඇඳ සිටි ඇඳුම් කට්ටල දෙකක් හා පිහියක් ද පොලිස් භාරයට ගත් බව පොලීසිය පැවසුවේ ය. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.